ප්රියන්ති කළුපෙරුම අඟුණකොළපැලැස්ස ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ අමරතුංගම පදිංචිකාරියකි. 1990 පෙබරවාරි 24 දින ඇගේ සැමියා වන ජාලියගොඩගේ ආරියපාල අතුරුදහන් විය. ඇය මාර්තු 4 දින අඟුණකොළපැලැස්ස පොලිසියට පැමිණිලි කළාය. ඇය පොලිස් ස්ථාන ගානේ ගොස් සැමියා සෙවූ මුත්, නිලධාරීහු ඇය පන්නා දැමූහ. ඒ වන විට ඇගේ වයස අවුරුදු 26කි.
බොහෝ කලකට පසු, අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලය හරහා ඇයට ඇයට හා දරුවන් දෙදෙනාට රු. 25,000 බැගින් වන්දි ලැබුණු අතර සැමියා නාඳුනන පුද්ගලයන් විසින් පැහැරගෙන ගොස් භූමදානය කළ ස්ථානය නොදනී යයි සඳහන් වන බව සඳහන් මරණ සහතිකයක් ලබාදී තිබේ. දුෂ්කර ජීවිතයක් ගතකරන ඇය සාධාරණ වන්දියක් ඉල්ලා සිටියි.