2011 වර්ෂයේ දෙසැම්බර් මස 09 වෙනිදා ලලිත් වීරරාජ් හා කුගන් මුරුගානන්දන් යාපනයේදී අතුරුදහන් වූයේ යුද්ධය හේතුවෙන් අතුරුදහන් වූ පුද්ගලයින් සොයාදෙන මෙන් රජයට බල කරමින් මානව හිමිකම් දිනය වෙනුවෙන් යාපනයේ මාධ්‍ය හමුවක් සංවිධානය කරමින් සිටියදීය. අතුරුදන් වූ දිනට ඊට පසුදිනට යෙදුනු මානව හිමිකම් දිනයේදී ලෝකයටම එවැනි අතුරුදහන් වීම් ගැන කතා කිරීමට  ඔවුන්  බලාපොරොත්තුවෙන් සිටියේය. මොවුන්ගේ පවුලේ සාමාජිකයින් පැවසුවේ සුදු වෑන් රථයකින් පැමිණි පිරිසක් මොවුන් පැහැරගෙන ගිය බවට තමන්ට දැනගන්නට ලැබුණු බවයි.  පසුව ඔවුන් ගමන් ගත් යතුරුපැදියද  කෝපායි පොලිසියේදී සොයා ගැනිණි. කෙසේ නමුත් දෙසැම්බර් 15 වැනිදා කෙහෙළිය රඹුක්වැල්ල ඇමතිවරයා විසින්  ලලිත් කූගන් මියගොස් නොමැති  බවත්, ජීවතුන් අතර සිටින බවත් ඔවුන් දෙදෙනාව මහේස්ත්‍රාත් අධිකරණයකට ඉදිරිපත් කරන බවත් සඳහන් කරන ලදි. නමුත් අද දක්වා වන තුරුම ඔවුන් දෙදෙනා ගැන කිසිදු සාක්ෂියක් නොමැත.

ජනතා විමුක්ති පෙරමුණට එක්වී දේශපාලන කටයුතුවල නිරතව සිටි මොවුන් දෙදෙනා  එම පක්ෂය කොටස් දෙකකට කැඩීමෙන් පසු පෙරටුගාමී පක්ෂයට සහාය දක්වන ලදි, මෙම  අතුරුදහන් වීම සම්බන්ධයෙන් ලලිත් කූගන් ට යුක්තිය ඉටුකිරීමේ අරමුණින් නීතිඥ නුපන් බෝපගේ විසින් ගොනු කරන ලද නඩුව අද වන තුරුම විභාගයට ලක් වෙමින් පවතී.

අතුරුදහන් වුවන් පිළිබඳ සොයාබැලීමට මෙරට කාර්යාලයක් ස්ථාපිත කළද ඒ මඟින් යුක්තිය හරි හැටි ඉටු වූවාද යන්නද සැක සහිතය. යුද්ධය අවසන් වූ සමයේදි උතුරේ පමණක් නොව දකුණේද විශාල වශයෙන් අතුරුදහන් වීමේ සිදුවීම් එක පෙළට සිදුවිය. ඒ 1988/89 පසුව සිදුවූ දරුණුතම අතුරුහන් කිරිමේ සිදුවීම් දාමයයි. මේවා බොහොමයක් සුදු වෑන් වලින් සිදු කරන ලද අතුරුදහන් කිරීම් ලෙස වාර්තා විය. මේ සියලු අතුරුදහන් කිරීම් වලට එවක පැවති රජයට චෝදනා එල්ලවූ අතර ලසන්ත වික්‍රමතුංග, ප්‍රගීත් එක්නැලිගොඩ වැනි මාධ්‍යවේදීන් ,ලලිත් කූගන් වැනි සමාජ ක්‍රියාකාරින් මෙන්ම පාතාල ක්‍රියාකාරකම් වලට සම්භන්ධ යැයි පැවසූ පිරිස්ද මෙහිදී ගොදුරුබවට පත්විය. රජයට එල්ල වූ විරෝධතා ,මතවාදයන් වලට ඔවුන් පිළිතුරු දුන්නේ එසේ හඬනැගූවන් අතුරුදහන් කරමින්ය.  විවිධ මතවාද එල්ල කැන කණ්ඩායම් වලට නිතීය ක්‍රියාත්මක කරනු වෙනුවට රජය අවනීතියෙන් , අතුරුදහන් කරමින් ඔවුන්⁣ව මර්ධනය කරන ලදි. නමුත් ඇතැම් ක්‍රියාකාරකම් සඳහා මහජන සහයද හිමිවිය

එමෙන්ම දකුණේ පාතාලය මර්ධනය කරන බවට  පෙන්වමින් රටපුරා රිසි සේ, ආරක්ෂක අංශයේ අයද සම්බන්ධය කරගෙන තරුණයන් පැහැරගැනීම් ,කප්පම් ගැනීම් ,පසුව ඝාතනය කිරීමේ සිද්දි දාමයක් සිදු විය.කිසි දින නොසිතූ විරූ ලෙස දකුණේ මර්ධනය ක්‍රියාත්මක විය. උතුර සහ දකුණේ  රාජ්‍ය ත්‍රස්තවාදයේ අඳුරු සෙවණැලි වේගවෙන් පැතිරී ගියේය.

පෙර කී පරිදි පෙරටුගාමී සමාජවාදි පක්ෂය විසින් දැමු ලලිත් කූගන් නඩුව හුදෙක් ඔවුන් දෙදෙනා වෙනුවෙන් විභාග වන නඩුවක් බවට පත් නොකර එය සමස්ත අතුරුදහන් වූ ප්‍රඡාව වෙනුවෙන් සිදු කරන්නක් බවට පත් කරමින් ඒ කාල සීමාවේ  සිදුවූ අතුරුදහන් සිදුවීම් 56 ක් ගැන තොර⁣තුරු ⁣පෙර කී  නඩුව සමඟම උසාවියට ඉදිරිපත් කරන ලදි. මෙය මෙරට අතුරුදහන් වූවන් පිළිබද කථාකරන විශාලතම සජීවි නඩුවයි.

එමෙන්ම යුද්ධයෙන් පසුව වගවීමේ යාන්ත්‍රණය පිළිබඳ ජාත්‍යන්තරය විසින් පැවති රජයට විවිධ බලපෑම් කළ අතර එසේ තිබියදීත් යුද්ධය අවසන් වීමෙන් පසුවත් දකුණේදින් මේ ක්‍රියාවලිය පසෙක තබා ඝාතනයන් සිදු කිරීම මර්දනය දිගින් දිගටම සිදුකරගෙන යන ලදි.

පතාලයට , මත්ද්‍රව්‍යයට සම්බන්ධ යැයි කියමින් පැහැරගෙන ගොස් තරුණයන්ට  වෙඩිතැබීම් , අතුරුදහන් කරදැමීම් , මහමග වෙඩි තබා මරාදැමීම් එකල  සුලබ සිදුවීම් බවට පත් වී තිබුණි. එසේ අතුරුදහන් වූවන්ගේ සියළු විස්තර එකින් එක  නුවන් බෝපගේ ප්‍රමුඛ පිරිස පෙර කී ලෙස උසාවි ක්‍රියාවලියට ඉදිරිපත් කරන ලදි. මෙකි නඩුව ලාංකීය ඉතිහාසයේ  අතිශය වැදගත් නඩුවක් බවට පත්වන්නේද  ලලිත් කූගන්ගේ යුත්තියට එහා ගොසින් විවිධ හේතු සාධක මත අතුරුදහන් වූ සියලු දෙනා වෙනුවෙන්ම පෙනී සිටිමයි.

මේ වන විට ලලිත් කූගන් සිද්ධියට අදාළව සාක්ෂි ලබාගැනීමට කෙහෙළිය රඹුක්වැල්ල වැනි අයගෙන් ප්‍රශ්න කර ඇති අතර හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ 6 වතාවක් මේ නඩුවට අදාළව උසාවිය මඟහැර ඇත.නමුත් දැන් , ඊළග නඩුවාරයට පැමි⁣ණෙන ලෙස හිටපු  ජනාධිපතිට නොතිසි නිකුත් කර තිබේ.