බුත්තල චන්ද්‍රාවතී 2008 ජනවාරි 16 දින සුපුරුදු පරිදි නෙළුවේ පිහිටි කම්හලේ වැඩට යාමට මොරමණ්ඩිය හන්දියෙන් බසයට නැග බස්රියේ යද්දී එම බස්රිය බෝම්බ ප්‍රහාරයකට ලක්විය. ඉන්පසු වෙඩි ප්‍රහාර එල්ල වනු ද ඇයට මතකය. ඉන් පසු දිනපහක් සිහිසුන්ව සිටි ඇය බුත්තල, සිරිගල, අම්පාර හා මහනුවර රෝහල්වල මාස හතරක් ප්‍රතිකාර ලැබුවාය. තවත් බොහෝ කලක් රෝද පුටුවකට සීමා වූවාය. ඇගේ එක් කකුලක් කොටය. ඇසක් නොපෙනේ. ශරීරයේ බෝම්බ කෑලි ඇති ඇය තවමත් වේදනාවෙන් පෙළෙයි. රු. 25,000ක වන්දියක් හා දරුවන්ට ශිෂ්‍යත්ව ආධාර ලැබී ඇත.