මට පුතුන් දෙදෙදෙනක් හිටියා. ලොකු පුතා ආරුමුගම් නවරත්නම්, දෙවෙනි පුතා ආරුමුගම් මනෝරංජන්. දෙන්නම කලේ කුලී වැඩ. වාලච්චේනේ දුවගේ ගෙදර ගඩොල් කපමින් හිටියා. රුපියල් 35,000 ක    ගඩොල් කපලා ඒක විකුණලා හිටියේ. තවත් ගඩොල් කපන්න මැටි පදම් කරලා තිබුණේ. රෑ 11 ට විතර  ජීප් එකක් ඇවිත් තියෙනවා. ඔක්කෝමලා කළුපාට ඇදලා. අයියව තමයි අහලා තියෙන්නේ. පොඩි පුතා   කියලා තියෙනවා අයියව නෙමෙයි මාව අරං යන්න කියලා. පස්සේ ඒගොල්ලේ පුතාට ගහලා අරගෙන   ගිහින් පස්සේ දෙන්නවම අරං ගිහින් තියෙනවා. පස්සේ අපිට එයාලාව හොයගන්න බැරිවුනා. හැම දෙයක්ම කරලා හොයන්න උත්සහ කළත් තාම හොයා ගන්න බැරි වුනා.

මේ ආරුමුගන්ගේ කතාවයි ….