එච්.කේ. හීන්හාමි 1990 වන විට 27 හැවිරිදි තුන්දරු මවකි. ඇය පදිංචිව සිටියේ මාතර දිස්ත්‍රික්කයේ වලස්මුල්ලේ බෝවලය. කුලී ශ්‍රමිකයකු වූ ඇගේ සැමියා 1990 ජනවාරි 13 දින සුපුරුදු පරිදි රැකියාවට ගොස් ආපසු පැමිණියේ නැත. සැමියා සිටියේ ගැටුමේ දෙපාර්ශ්වයටම බියෙන් බව ඇය පවසයි.

එකල පැවති භීෂණ තත්වය හේතුවෙන් ඇයට පැමිණිලි කිරීමට යා නොහැකි විය. බිය නිසා ඇය සිය මාස හත, අවුරුදු තුන සහ අවුරුදු පහ වූ දරුවන් සමග මාස තුනක් පමණ රාත්‍රිය ගත කළේ කැලයේය.

ඇය පැමිණිලි කරන්නට ගියේ අවුරුදු දෙකකට පමණ පසුය. පොලිසිය ඇගේ පැමිණිල්ල භාරගත්තේ නැත. යුක්තිය සපයා ගැනීමට ඇයට මාර්ගයක් තිබුණේ නැත. පසු කලෙක රු. 50,000ක වන්දියක් ලබාගැනීම සඳහා සැමියා අතුරුදහන් වූ බව කියා පොලිසියෙන් වාර්තාවක් ලබාගත් බව ඇය පවසයි.