2009 මැයි 18 වෙනි දින දසක තුනක් තිස්සේ දිග් ගැසුණු බිහිසුණු යුද්ධය යුදමය අවසානයකට පැමිණියේය. අවම වශයෙන් 100,000 ජීවිත බිලිගත් යුද්ධයේ දී දහස් ගණනක් අතුරුදහන් විය. අතුරුදහන් වූවන් අතර දෙමළ ජනතාවගේ නිදහස වෙනුවෙන් සහය දැක්වූ ජී.ඒ. ජෝසප් ෆ්‍රැන්සිස් නම් වූ කතෝලික දෙමළ පියතුමා ද විය.

අවිහිංසාවාදය වෙනුවෙන් නොසැලී පෙනී සිටි එතුමන් ඔහු සමග සිටි 360 ක් වූ සිවිල් ජනතාව වෙනුවෙන්

ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවන් සමග එකඟතාවයකින් යුතුව ඔවුන් බාර විය. එම 360 ක් වූ කණ්ඩායමට එතුමන් සමඟ එල්.ටී.ටී. සමාජිකයින්, තරුණයන් සහ ළමුන් විය.

එතුමන්ගේ පැවිදිභාවය නිසා පිරිස ආරක්ෂාව පිළිබඳව සිටි එතුමන් තමන්ගේ කණ්ඩායම සමග හමුදා බස් රථයන්ට නැගී ගිය අතර එතුමන්ව නැවතත් කිසිවකු දුටුවේ නැත. යුද්ධය අවසන්වීමට දින අටකට පෙර යුද්ධයේ බිහිසුණු බවත්, ජනඝාතනය ගැනත් මතුකර දක්වමින් එතුමන් විසින් වතුකානුවට බලාපොරොත්තු සුන් වූ ලිපියක් යවා තිබිණි.

වර්තමානය වන විට එතුමන්ගේ අතුරුදහන්වීම ලංකාව තුළ අතුරුදහන්වූවන් වෙනුවෙන් සත්‍යය හා යුක්තිය වෙනුවෙන් අරගල කරන ප්‍රජාවන් අතර වඩාත් අවධානයට ලක් වූ සුවිශේෂි බලෙන් අතුරුදහන් කිරීමක් සේ සැලකේ.

ඔහු 2009 මැයි 10 දින වතිකානයට ලියූ ලියුම මෙසේය

ශ්‍රී ලංකා රජය දෙමළ ජනතාව විනාශ කිරීමට යුද්ධ කරමින් සිටිනවා. එය ජන ඝාතක යුද්ධයක්. ළදරුවන්ගේ, ළමුන්ගේ, කාන්තාවන්ගේ, වැඩිහිටියන්ගේ දුක්ඛිත තත්ත්වයත්, වේදනාවත් අතර  අහස පුරා පැතිරුණු දූෂිත වූ, විෂ සහිත වූ, සෞඛ්‍යයට අහිතකර ගෑස් සහිත දුමාරය පරිසරය පුරා පැතිරී තිබේ. 

අවාසනාවන්තම තත්ත්වය වන්නේ කිතුනු සාසනයට මෙම බලහත්කාරී, අවිවාදාත්මක පවතින යුද්ධය සම්බන්ධයෙන් තමන්ගේ අදහස ප්‍රකාශ කිරීමට ප්‍රඥාව සහ ශක්තිය නොමැතිවීමයි.

ශ්‍රී ලංකා රජය ඇවිස්සීමටත්, ප්‍රකෝප කිරීමටත්, මෙම ලිපිය හේතු වන බව දනිමි. ඔවුන් මගෙන් පළිගැනීමට හා මා ඝාතනය කිරීමට උපායන් යොදනු ඇත.

ශුද්ධෝත්තම ඔබතුමන්ගෙන්

අයැද සිටින්නේ

ගෞ. ජී.ඒ ෆ්‍රැන්සිස් ජෝසප් පියතුමා

ඔහු මෙම ලිපිය ලියුවේ බංකරයක සිට බව වාර්තා වේ. අද වන විට එම බංකරය මත ඝාතනයට ලක් වූ හා අතුරුදහන් වූ දෙමළ ජනතාව වෙනුවෙන් ඉදි වූ ස්මාරකයක් දක්නට ලැබේ.

මෝසෙස් අරුලානන්දන් ෆ්‍රැන්සිස් පියතුමාගේ ඥාති සහෝදරයායි. අධිකරණය හා එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් පියතුමා ගැන විස්තර සෙවීමට උත්සාහ කළ ද ඒ සියල්ල අසාර්ථක වූ බව ඔහු 2019දී බීබීසී වෙත පැවසීය. ඒ වන විට ඔහු 90 හැවිරිදි විය.

” අපට කරන්න පුළුවන් දේ ඔහු වෙනුවෙන් කරදරවීම සහ හැඩීමයි පමණි. ඥාතීන් වුනත් අපි හුඟක් සමීපයි. එක් කුස උපන් සහෝදරයෙක් වගේ. ඔහුගේ පවුලේ එකම දරුවා. ඔහු පාසැලේ සිටිය යුතු නිසා ඔහුගේ මව බලාගත්තෙත් මම.”

“මම දෙවියන්ටත්, මරිය තුමියට යදිමින් කියන්නේ ඔහු ඉන්න තැනක් පෙන්වන්න කියලා. නැත්තම් ඔහුට මොකක්ද වෙලා තියෙන්නේ කියලා දැනගන්නට මගපෙන්වන්න කියලා.”

ෆ්‍රැන්සිස් පියතුමා මුලින්ම යාපනයේ ශාන්ත පැට්‍රික් පාසැලට පැමිණෙන්නේ පාසැල් සිසුවෙකු ලෙසයි.  කතෝලික පූජකවරයෙක් වීමෙන් අනතුරුව පාසැලට ඉංග්‍රීසි ගුරුවරයෙක් ලෙස පැමිණේ. පසුව ඔහු පාසැලේ විදුහල්පතිවරයා බවට පත් වේ. ඔහුගේ මුළු ජීවිතයම පන්ති කාමර, පාසැලේ දේවස්ථානය සහ නිතර පාසැලේ ක්‍රිකට් කණ්ඩායමේ තරග පැවැත්වුනු ක්‍රීඩා පිටිය අතරේ විය. ක්‍රීඩා තරග නැරඹීමට ගිය ඔහු කණ්ඩායම දිරිගන්වන්නෙකු විය.

එම පාසලේම ආදි සිසුවෙකු ද වූ පියතුමා පාසැලේ සියලුම සිසුන් නමින් දැන සිටි බව වාර්තා වේ. ඔහුගේ උරුමය පාසැල පුරා තවමත් විහිදී ඇත. පාසැල් පුස්තකාලය තුළ ඔහු ළමුන් දෙස බලා සිටින ඔහුගේ ජීවමාන ප්‍රමාණයෙන් යුතු ඡායාරූපයක් ඇත.

ෆ්‍රැන්සිස් පියතුමා රජයේ හමුදාවන් ගේ ක්‍රියා කලාපයන් ගැන දැඩි විවේචනාත්මක ස්ථාවරයක් අනුගමනය කළ ද, එල්.ටී.ටී.ඊ. කුරිරුකම් ගැන නිහඩ ප්‍රතිපත්තියක් අනුගමනය බව සමහර අයගේ මතයයි.

යුද්ධයේ අවසාන කාලයේ දී එල්.ටී.ටී.ඊ. සටන්කරුවන්, සිවිල් වැසියන් ජීවත් වූයේ විශාල ප්‍රදේශයක තමන් ඉරණම විසදෙන තුරු හමුදා මුරපොළ සිටිනාක් මෙනි. ජයකුමාරී ක්‍රිෂ්ණකුමාර් විවාහ වී සිටියේ ප්‍රධාන පෙළේ එල්.ටී.ටී.ඊ. සාමාජිකයෙකු සමගිනි. ඇගේ සැමියා ද ෆ්‍රැන්සිස් පියතුමා සමග අදාල බස් රථයේ ගමන් ගත් අයෙකි. ඇය පවසන ආකාරයට භාර දුන් පිරිසගේ නාම ලේඛනය සකස් කර ඇත්තේ ද ෆ්‍රැන්සිස් පියතුමා සමගිනි.

ජයකුමාරී ක්‍රිෂ්ණකුමාර් මෙසේ පවසයි: “මගේ සැමියා මුලින්ම බස් රථයට ගොඩ වුණා. ඊට පස්සේ තවත් පිරිසක් බස් රථයට ගොඩවුණා. අවසානයට ‍ෆ්‍රැන්සිස් පියතුමා. එතුමා බලාපොරොත්තු වුනා හමුදාව පූජකවරයකු නිසා ඔහුට ගෞරව කරයි කියලා. එතුමන් බියෙන් සිටියා. නමුත් සියල්ල ගැටලුවක් නොමැතිව සිදුවෙයි කියලා බලාපොරොත්තු වුණා. එහි සිටි අනෙක් පිරිස ද බලාපොරොත්තු වුණා ඔවුන් පියතුමා සමග සිටින තුරු ඔවුන් ආරක්ෂිතයි කියලා.”

එක්සත් ජාතීන්ගේ විශේෂඥ කණ්ඩායමේ සාමාජික යැස්මින් සූකා මේ පිළිබඳ මෙසේ පවසයි: “මෙම සිදුවීමේ තිබෙන විශේෂත්වය තමයි විශාල ප්‍රමාණයක් සෙනගක් ශ්‍රීලංකා හමුදාවට බාර වීමෙන් අනතුරුව බලහත්කාරී ලෙස අතුරුදහන් වීමට සැලැස්වීම. කිසිවෙකු හමුදාවට බාර වුවහොත් ඔවුන් මානුෂික අයිතීන් යටතේ ආරක්ෂාව ලැබිමේ අයිතිවාසිකම ඇත.”

නීතිඥ සාලිය පිරිස්:

අතුරුදහන් වුවන් පිළිබඳ කාර්යාලයයේ හිටපු සභාපති වු නීතිඥ සාලිය පීරිස් මහතා මෙසේ පැවසීය:

“අපට ක්ෂේත්‍රයට ගොස් අපි අතුරුදහන් වූවන් සෙවීමට ආවා කියලා කියන්න බෑ. ඒ විදියට කරන්න බෑ. සොයා යෑමේ ක්‍රියාවලිය, ලැයිස්තු ගත කිරීමේ ක්‍රියාවලිය, තොරතුරු පද්ධතියක් සකස් කිරීම, වැනි ක්‍රියාවලියන්ට කාලයක් ගත වෙනවා. ”

අතුරුදහන් වූවන්ගේ බිරින්දෑවරුන් ඔවුන් සිහි කරමින් තවමත් රත්පැහැ කුංකුමම් තිලකය නළළෙහි සලකුණු කරයි. දරුවන් තමන්ගේ දෙමාපියන් පැමිණෙන තුරු බලා සිටියි. ඒ කිසිවෙකුටත් තවමත් ෆ්‍රැන්සිස් පියතුමාගේ මතකය අමතකව නැත.

ෆ්‍රැන්සිස් පියතුමාගේ ඥාති සොයුරු මොසෙස්ගේ බලාපොරොත්තු නැති කිරීමට තවමත් කිසිවෙකුට හැකි වී නැත. ඒ නිසා ඔහු තවමත්, “ඇත්ත කවදා හරි එළියට එනවා ” යයි ඔහු සිතමින් සිටියි.

ෆ්‍රැන්සිස් ජොසප් පියතුමා ගේ අතුරුදහන් වීම සම්බන්ධයෙන් බී.බී.සී. විසින් නිර්මාණය කරන ලද වීඩියෝව