මාළිගාවිල, නිදැල්ල ගම්මානය මෙරට තිස් වසරක සිවිල් යුද්ධයෙන් ප්රබල ලෙස බැට කෑ ගම්මානක් ලෙස හැඳින්විය හැකිය. එකල LTTE ත්රස්තවාදීන් විසින් දකුණේ ගම්මානවලට පැන එහි වූ මිනිසුන් කපා කොටා ඝාතනයට ලක් කිරීම දිගින් දිගටම සිදු කරන්නට විය. මෙම ම්ලේච්ඡ ක්රියාවට ගොදුරු වූ නියදැල්ල ගම්වාසීන්ගේ බොහෝ නිවස්නයන් තුළ අදටත් එම කුරිරු සිදුවීම්වල කඳුළු කතා සැඟවී පවතී.
1991 අප්රේල් 20 වැනිදා පී.ආර්. ප්රේමාවතී තම කුඩා දරුවන් දෙදෙනා සමඟ දහවල් කාලයේ ගෙදර වැඩකටයුතුවල යෙදී සිටියාය. මේ අතරතුර ගමට කඩාවැදුණු LTTE ත්රස්තවාදීන් ප්රේමවතීගේ නිවසට ද කඩාවැදුණු අතර ත්රස්තවාදීන් විසින් කුඩා දරුවන් දෙදෙනා ඇය ඉදිරිපිටම කපා කොටා ඝාතනය කරන ලදී.
එමෙන්ම එදිනම ඇයගේ ළඟම නිවැසියන් වූ නැගනියත් ඇයගේ දරුවන් තිදෙනාත් , නෑනා සහ ඇයගේ දරුවන් දෙදෙනාත් ත්රස්තවාදීන් අතින් මේ ආකාරයටම ඝාතනයට ලක්විය.
ඇයට ද මෙම සිදුවීමෙන් බරපතල තුවාල සිදුවූ අතර මෙම ම්ලේච්ඡ සිදුවීමෙන් පසු ඇය ගත කළ පීඩිත ජීවිතය පිළිබඳ ප්රේමාවතී මහත්මිය මෙසේ විස්තර කරයි.