1976දී යාපනය පුරපති, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රාදේශීය නායක, නීතීඥ ඇල්ෆ්‍රඩ් දොරේඅප්පා කොටි සංවිධානය විසින් ඝාතනය කිරීමේ සිට 2019 මැයි 18 දින යුද්ධයේ අවසානය දක්වා කාල  පරාසය තුළ සිදුවූ බොහෝ සිදුවීම් යුද්ධයට නියම් සහ අනියම් වශයෙන් රුකුල් දුන්නේය. හමුදා සෙබළුන් සහ දෙමළ සටන්කාමීන් විශාල ප්‍රමාණයකගේ ජීවිත අහිමි වූ අතර ඔවුන් අතරින් බහුතරය අවුරුදු 22 – 30 අතර තරුණ තරුණියන් ය. ක්‍රියාන්විතයේදී අතුරුදහන් වූ සෙබළුන්ගේ දෙමාපිය සංවිධානය පවසන්නේ 5000කට ආසන්න සොල්දාදුවෝ ප්‍රමාණයක් යුද්ධයේදී අතුරුදහන්වී ඇති බවයි.

1976 දෙමළ ඊළාම් විමුක්ති කොටි (එල්ටීටීඊ) පිහිටුවීමේ සිට  2009 ඔවුන්ගේ හමුදාමය පරාජය දක්වා ශ්‍රී ලංකාව ආසියාවේ දීර්ඝතම සිවිල් යුද්ධයෙන් ගිලී ගියේය. දෙමළ ජනතාව බහුතර සිංහලයන් විසින් පාලනය කරන ලද ශ්‍රී ලංකා රජයට එරෙහිව ස්වාධීන දෙමළ රාජ්‍යයක් පිහිටුවීමට උත්සාහ කළෝය. තමන් කෙරෙහිත්, තමන්ට සහය දෙන රටවල් ගැනත් අධි තක්සේරුවක සිටි එල්.ටී.ටී.ඊ සංවිධානයේ සෑම ප්‍රහාරයක්ම සමඟම දෙමළ ඊලාම් රාජ්‍යයක් බිහිකිරීමේ අභිලාෂය ශ්‍රී ලංකාවේ උතුරු හා නැගෙනහිර පළාත්වල විශේෂයෙන් ස්ථාවර විය. ඒ ශක්තිමත්වීමත් සමග 2009 දක්වා විශාල යුද මෙහෙයුම් රැසක් සිදුකරන ලදි.

දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානය 1998 සැප්තැම්බර් මස 27 වෙනි දින කිලිනොච්චියේ පිහිටි ශ්‍රී ලංකා හමුදාවේ ප්‍රධාන හමුදා කඳවුරට බර අවි ප්‍රහාරයක් එල්ල කළේය. සෙබළුන් 606ක්  අතුරුදහන් විය. මෙම ක‍ඳවුරට දැඩි හානි සිදුවී තිබුණි. මෙම කඳවුරට එල්ලවූ ප්‍රහාරයෙන් අතුරුදහන්වූ සෙබළුන් අතර දින කිහිපයකට පෙර එහි සේවයට පැමිණි තරුණ සෙබළු ද වූහ. ඔවුන්ගේ මව්පියන්ගේ තත්ත්වය ඉතාමත් කණගාටුදායක විය. එහි සිටි සමහර තරුණයන්ටඅංකයක් පවා  ලබා දී නොතිබුණි. ඒ අය අතර මහනුවර දන්තුරේ පදිංචි අචින්ත ධර්මදාස ද විය. ඔහුගේ මව වූ විශාකා ධර්මදාස ඇගේ දරුවා සෙවීමට දැරූ සියලු උත්සාහයන් අසාර්ථක විය.

එම සිදුවීම හේතුවෙන් විපතට පත් වන මව්පිය, ඥාති සමුහය පිරිසක් වශයෙන් මහනුවර ගැටඹේ විහාස්ථානයට එක් රැස්වූහ. ඔවුන් අතර සිටි 800 ක් පමණ වූ පිරිස ක්‍රියාන්විතයේදී අතුරුදහන් වූවන් වෙනුවෙන් පෙනී සිටීම සහ ශ්‍රී ලංකාවේ සාමය ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගනිමින්  ක්‍රියාන්විතයේ දී අතුරුදහන් වූ සෙබළුන්ගේ දෙමාපියන්ගේ සංගමය (Association of Parents of Servicemen Missing in Action – APSMIA)  පිහිටුවා ගන්නා ලදී. එහි පළමු විධිමත් රැස්වීම ගැටඹේ විහාරස්ථානයේ පැවති උත්සවයකින් සනිටුහන් විය. විශාකා ධර්මදාසගේ සංගමය තුළ නායකත්වයේ ප්‍රතිඵලයක් ලෙස අතුරුදහන් වූවන් සම්බන්ධයෙන් නියාමන වෙනස්කම් ඇති විය. සියලුම සොල්දාදුවන් සඳහා හඳුනාගැනීමේ ටැග් නිකුත් කිරීම සහ කඩිනම් ලියාපදිංචිය සහ අඛණ්ඩව සොයාබැලීම ඇතුළු ක්‍රියාමාර්ග ජාත්‍යන්තර රතු කුරුස කමිටුවේ ක්‍රියාවලියට ඇතුළත්විය. APSMIA ශ්‍රී ලංකා හමුදාව තුළ වෙනසක් සඳහා පෙනී සිටීමේ  වැදගත් බව අවබෝධ කරගෙන සිටියහ. එමෙන්ම දෙමළ කැරලිකරුවන් ද සෘජුව  හඳුනාගැනීම සහ සෙබළ මළසිරුරු හුවමාරු කරගැනීම පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා එල්ටීටීඊය හමුවීමට APSMIA  අවශ්‍ය විය. සොල්දාදුවන් සහ කැරලිකරුවන් සහ රජය අතර සංවාදය ප්‍රවර්ධනය කිරීම සංවිධානයේ මූලික අරමුණක් විය.

අතුරුදහන්වූවන් පිළිබඳ සොයා යාමේ සංකේතාත්මක උද්දේශන ක්‍රියාමාර්ගයක් ලෙස ඔවුන් විසින් හයිඩ්‍රජන් පිරවූ බැලුන් බෝලවල නම, ප්‍රදේශය, දුරකතන අංකය සඳහන් කර ක්‍රියාන්විතයන් සිදු වු ප්‍රදේශයන්ට යැවිමද සිදු කළෝය. දරුවන් අහිමි වීමේ අතිශය දුෂ්කර අත්දැකීමක සිටි ඔවුහු ඒ වෙනුවෙන් දීර්ඝ හා වෙහෙසකර මැදිහත් වීමක නියැලුණහ.

දෙපාර්ශ්වයේම ජනතාවට ප්‍රතිලාභ ලබා දීමට අපට අවශ්‍ය බව එල්ටීටීඊයට ඒත්තු ගැන්විය යුතුව තිබුණි. කැරලිකාර නායකයින්, ජාත්‍යන්තර ප්‍රජාවේ නියෝජිතයින් හරහා පණිවිඩ යවා අවසානයේ නියෝජිත පිරිසක් ඔවුන් හමුවිය. ඒ දෙමළ කොටි සංවිධානයේ දෙවැනි අණදෙන නිලධාරියා සමඟයි. ඔවුන්ට යහපත් සම්බන්ධතා සහ ශන්තිමත් සන්නිවේදනයක් ගොඩනැගීමට හැකි විය. මෙම සාකච්ඡාව  සටන් විරාමයට සහ සාම සාකච්ඡා සඳහා මඟ පෑදූ බව ඔවුහු විශ්වාස කරති.

එකිනෙකා අතරේ සාකච්ඡා සිදුවෙද්දී ඔවුන් දෙපාර්ශ්වය අතර අහිමිවීම්  සම්බන්ධයෙන් ඇති සමානත්වය ඔවුන්ට අවබෝධ විය. කාන්තාවන් තම අහිමි වූ ආදරණීයයන් වෙනුවෙන් එකට කටයුතු කිරීම සඳහා සන්නිවේදනය දිරිමත් කරන ලදි. සංවිධානය වූ මව්වරුන් ඔවුන්ගේ මානසික සුවය උදෙසා පන්සල්, කෝවිල්, පල්ලිවල වතාවත් පැවැත්වූහ. එමෙන්ම මානසික සුවය සඳහා උපදේශනය වැනි වැඩසටහන් ද පවත්වාගෙන යන ලදි.

දෙපාර්ශවයේම පුතුන් හෝ ස්වාමිපුරුෂයන් අහිමි වූ කාන්තාවන්ගේ ජාලයක් (Association of War Affected Women)  ද පිහිටුවා ගන්නා ලදි.

2002 වසරේ සිට ඔවුන් සහ යුද්ධයෙන් විපතට පත් කාන්තාවන්ගේ සංගමය සාමය ගොඩනැගීමේ කටයුතු රැසක නිරත වී ඇත. විශාකා ධර්මදාස සභාපතිනියගේ දක්ෂතාවෙ මෙම සංවිධාන දෙකේම සාර්කතත්වයට බලපා තිබේ.

2009 මුල් භාගයේදී දෙමළ කොටි පරාජය වුවද, යුද්ධයෙන් පීඩාවට පත් කාන්තා සංගමය සහ ක්‍රියාන්විතයේ අතුරුදහන් වූ සෙබළුන්ගේ දෙමාපියන්ගේ සංගමය ප්‍රජාවන් එකතු කරමින් සාමය සඳහා අඛණ්ඩව කටයුතු කරයි. කාන්තාවන් සඳහා ගැටුම් නිරාකරණ පුහුණුව ලබා දී ඇත. 2004 සුනාමියෙන් විපතට පත් වූවන්ට උපකාර තරක ලදි. දේශපාලනය තුළ කාන්තා නියෝජනය වැඩි කිරීමේ කටයුතුෙවල නියැලෙමින් සිටියි.

ශ්‍රී ලංකාවේ තිරසාර සහ සාධාරණ සාමයක් සඳහා කාන්තාවන් අත්‍යවශ්‍ය බව මෙම සංවිධාන විසින් ඔප්පු කර ඇත. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ අංක 1325 (2000) දරණ කාන්තාව, සාමය හා ආරක්ෂාව පිළිබඳ යෝජනා සම්මතයේ දක්වා ඇති කැපවීම් ඉටු කිරීමේ ලා ඔවුන් විසින් කැපී පෙනෙන දායකත්වයක් ලබා දී තිබේ.