1988/89 ශ්රී ලංකාවෙ තරුණ සන්නද්ධ අරගලයක් ක්රියාත්මක වූ යුගයයි. එවක ජනතා විමුක්ති පෙරමුණ රජයට එරෙහිව කැරැල්ලක් මෙහෙයවනු ලැබීය. මෙම කාල පරිච්ඡේදය තුළදී රජය මෙන්ම ජනතා විමුක්ති පෙරමූණ ද දැඩි මර්නදකාරී ප්රතිපත්ති අනුගමය කළහ.
මේ හේතුවෙන් තරුණ ජීවිත රැසක් රටට අහිමිවීම ඉතා ඛේදනීය තත්වයකි.
P.M. විජේපාල අම්බලන්තොට මානජ්ජාව ප්රදේශයේ පදිංචිව සිටි තරුණයකි. ඔහු 1989 ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධව කටයුතු කරමින් සිටි ප්රබල සාමාජිකයෙක් වන අතර ඔහුගේ පවුලේ සියලු දෙනාම පාහේ ජවිපෙ සාමාජිකයෝ වූහ. මෙම භීෂණ සමය තුළ විජේපාලගේ නිවසට පොලීසිය සහ හමුදාව නිතරම පැමිණ පරීක්ෂා කරන්නටත් ප්රශ්න කරන්නටත් වීම ඔහුගේ නිවැසියන්ට ද විශාල ප්රශ්නයක් විය. එක් උදෑසනක විජේපාල මිදුලෙහි සිටියදී, නිවස අසලට පැමිණි හමුදා ජීප් රථයක් දැක එය තමා රැගෙනයාමට ආ එකක් යැයි සිතා නිවසින් පැනයාමට උත්සාහ කිරීමේදී හමුදාව විසින් ඔහුව වෙඩි තබා ඝාතනය කරන ලදී.
එම සිදුවීම විජේපාලගේ පවුලේ සාමාජිකයින් විදදරාගත්තේ කෙසේ ද යන වගත් , එකල පැවති භීෂණ සමාජයෙහි අත්දැකීම් විජේපාලගේ බාල සොයුරා වන P.M. රංජිත් මහතා මෙසේ විස්තර කරයි.