“යාපනය දිස්ත්‍රික්කයේ, වඩමාරච්චියේ පිහිටි අපේ ගම දෙමළ බෞද්ධයන්ගේ ගම්මානයක්,” යි ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ දෙමළ බෞද්ධයෙකු වන ධර්මා (අන්වර්ථ නමකි) පවසයි. ඔහු පවසන පරිදි මෙම ගම්මානය ඈත අතීතයේ සිටම දෙමළ බෞද්ධයන් ජීවත් වූ ගමක් නොවේ. මුලදී එය කුල ක්‍රමය විසින් පීඩිත වූ රා මදින්නන්ගේ ජනාවාසයක් විය. ශ්‍රී ලංකාව නිදහස ලැබීමෙන් පසු, කුල භේදය යාපනයේ බහුලව දක්නට ලැබුණි. පීඩිත ප්‍රජාවන්ට ආහාර, අධ්‍යාපනය සහ සෞඛ්‍ය සේවා සඳහා ප්‍රවේශය වැනි මූලික අයිතිවාසිකම් පවා සීමා කරන ලදි.
කුල භේදයට විරෝධය දැක්වීම පිණිස ඇතැම් ගම් නායකයන් වෙනත් ප්‍රදේශවල බෞද්ධ භික්ෂූන් වහන්සේලාගේ සහාය ඇතිව බුදුදහම වැළඳ ගත්හ. මෙය සැලකිය යුතු වෙනසක් ඇති කළ අතර 1960 ගණන් වන විට බුද්ධාගම ගමේ ප්‍රමුඛස්ථානයට පත්විය. කෙසේ වෙතත්, දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානය යාපනය පාලනය කරන කාලය තුළ, බුද්ධාගමට ගමේ තිබූ සම්බන්ධය දුර්වල වූ අතර, තරුණ පරම්පරාවට එය සමඟ ඇති සම්බන්ධය නැති විය. යුද්ධයෙන් පසු, මෙම සබඳතා යළි පණ ගැන්වුණු අතර, තරුණයෝ දෙමළ බුදුදහම සමඟ නැවත සම්බන්ධ වීමට පටන් ගත්හ.
දෙමළ බෞද්ධයන්ට ශ්‍රී ලංකාවේ දීර්ඝ ඉතිහාසයක් ඇත, නමුත් ඔවුන් බොහෝ විට ඓතිහාසික වාර්තාවලින් මගහැරී ඇත. මහාචාර්ය ජී.පී.වී. සෝමරත්න, 13 වැනි සහ 14 වැනි සියවස්වල ශ්‍රී ලංකාවේ සමාජ හා දේශපාලන පරිසරයේ පරිවර්තනය බුදුදහමේ සහ අනෙකුත් ඇදහිලිවල ප්‍රමුඛත්වයට බලපෑවේය. පුරාණ ජල ශිෂ්ටාචාරයේ බිඳවැටීම සහ රාජධානි නිරිත දෙසට මාරුවීම දෙමළ ප්‍රදේශවල බෞද්ධ පැවැත්ම අඩුවීමට හේතු විය.
අතීතයේදී, තමිල්නාඩුවේ බුදු දහම විශේෂයෙන් උතුරු ප්‍රදේශවලට ප්‍රබල බලපෑමක් ඇති කළේය. කෙසේ වෙතත්, දෙමළ බුද්ධාගමේ බලපෑම බොහෝ සිංහල භික්ෂූන් විසින් නොසලකා හැර ඇත. ශ්‍රී ලාංකීය ඉතිහාසය තුළ දෙමළ බුදු දහමෙහි කාර්යභාරය පිළිබඳ එතරම් පර්යේෂණ සිදුවී නොමැත. අශෝක අධිරාජ්‍යයාගේ දූතයා වූ මිහිඳු මාහිමියන් ශ්‍රී ලංකාවට බුදුදහම ගෙන ඒමට පෙර තමිල්නාඩුවේ බුදුදහම ප්‍රචලිත කළ බව විද්වතුන්ගේ අදහසයි. තමිල්නාඩුව බුද්ධඝෝෂ, බුද්ධදත්ත සහ ධර්මපාල වැනි වඩාත් කැපී පෙනෙන බෞද්ධ විද්වතුන් කිහිප දෙනෙකු පවා බිහි කළේය.
වර්තමානයේදී, ශ්‍රී ලංකාවේ උතුරු සහ නැගෙනහිර පළාත්වල බෞද්ධ පුරාවිද්‍යා ස්ථාන දේශපාලනික බලපෑමට ලක්වී ඇත. සිංහල සහ දෙමළ විද්වත්තු ඒවා ඔවුන්ගේ උරුමයන් ලෙස වෙන වෙනම ප්‍රකාශ කරති. මෙය ජනවාර්ගික ආතතීන්ට හේතු වී ඇත. මෙම නටබුන් වර්තමානයේ දෙමළ ප්‍රදේශවල අතීතයේ සිංහලයන් සිටි බවට සාක්ෂි යයි සමහරු විශ්වාස කරන අතර දෙමළ විද්වතුන් තර්ක කරන්නේ ඒවා දෙමළ බෞද්ධ අතීතයක් පිළිබිඹු කරන බවයි. බොහෝ දෙමළ ජනයා, දැන් ප්‍රධාන වශයෙන් හින්දු හෝ ක්‍රිස්තියානි භක්තිකයන්ය. පුරා විද්‍යාත්මක සොයාගැනීම් දේශපාලනික උවමනාවන් වෙනුවෙන් භාවිතා කිරීම ගැන ඔවුන් අතර නොසන්සුන්තාවක් තිබේ. එබැවින් ඔවුහු මෙම බෞද්ධ උරුමය පිළිගැනීමට මැලි වෙති.
මෙම අභියෝග මධ්‍යයේ වුවද දෙමළ බෞද්ධයෝ ඇතැම් ප්‍රදේශවල සාමකාමීව ජීවත් වෙති. උදාහරණයක් ලෙස කල්මුණේ ප්‍රදේශයේ දෙමළ බෞද්ධයන් වෙනත් ආගම් අදහන ජනතාව සමඟ සුහදව ජීවත් වෙති. කල්මුණේ දෙමළ බෞද්ධයකු වන රගු ද සිල්වා මහතා සමගිය සහ මානව දයාව පිළිබඳ අත්දැකීම් බෙදා ගනිමින් පවසන්නේ “ඔවුන් අපව දකින්නේ ඔවුන්ගේම අය ලෙසයි” යනුවෙනි.
ශ්‍රී ලංකාවේ දෙමළ බෞද්ධ ප්‍රජාව යුද්ධයට, දේශපාලන බලපෑම්වලට සහ සමාජ අභියෝගවලට මුහුණ දී ඇත. එහෙත්, ඔවුන් තම සම්ප්‍රදායන් අනාගත පරපුර වෙනුවෙන් ආරක්ෂා කිරීමට කැපවී සිටිති. ඔවුන්ගේ අනන්‍යතාව සම්පූර්ණයෙන්ම ප්‍රකාශ කළ හැකි සහ එයට ගරු කළ හැකි, සමගිය, සමානාත්මතාව සහ සියලු ආගම්වලට ගරුත්වය සහිත අනාගතයක් ඔවුන්ගේ අපේක්ෂාවයි.
උපුටා ගැනීම් සිදු කළ කෘති
De Votta, Neil. Sri Lanka’s Civil War and Peace Process. Palgrave Macmillan, 2007.
Perera, H.R. Buddhist Shrines of Tamil Nadu. The Buddhist Publication Society, 2007.
Somaratne, G.P.V. Tamil Buddhism in Sri Lanka. University of Colombo, 1966.