(ගරු සත්‍යයන් කදිර්ගාමර් දේවගැතිතුමා වයස 83 පමණ වන පරිණත දේවගැතිවරයෙකි. ඔහු ජීවිතයේ වැඩි කාලයක් ගත කර ඇැත්ත උතුරු නැගෙනහිර යුද සමයේය. ඔහුගේ ජීවිතයේ අත්දැකීම් සමුදාය අතරින් කිහිපයක් අප සමග බෙදාගත් අයුරු වීඩියෝවේ දැක්වේ.)
ජේ.ආර්.ජයවර්ධන හා රජීව් ගාන්ධි අතර ඇති වූ ගිවිසුමෙන් පසුව උතුරු නැගෙනහිර ආරක්ෂව සඳහා ඉන්දීය හමුදාවට ආරාධනය කරනු ලැබුවා. ටික කාලයක් සාමයක් තිබුණා. මෙම සිදුවීම සිදුවූනේ 1987 නොවැම්බර් 23 වන දිනයි. ඒ ඉන්දියානු හමුදාවන් ලංකාවේ ක්‍රියාන්විතයේ යෙදී සිටි කාලයයි. ඒ කාලයේ දෙමළ සටන්කාමීන් සහ ඉන්දීය හමුදාව අතර ගැටුවක් ඇති වී තිබුණා.
1987 ඔක්තෝබර් මාසය තුළ එල්.ටී.ටී.ඊ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් සහ ඉන්දියාව අතර යම් යම් මතබේදයන් තිබුණා. ගැටුම් පැවතුනා. ඉන්දීය හමුදාවට සාමාන්‍ය වැසියන් සහ එල්.ටී.ටී.ඊ සමාජිකයන් නිවැරදි ලෙස හදුනාගැනීමට ලැබුණේ නෑ. අහිංසකයන්ව වෙන් කර හදුනාගැනීමට බැරි වුණා.

මේ සිද්ධිය වුනේ උඩුවිල් ගම්මානයේ. උඩුවිල් බාලිකා විදුහල ළඟ. ගැටුම් නැවතත් ආරම්භ වුණා. මට මගේ සේවා ස්ථානයට යාමට බැරිවුණා. මම අතරමං වුණා. හිරවුණා. මම මගේ නෑදෑයින් සමග සිටියා. කිසිවෙක් ඉන්දියන් හමුදාවේ කර්නල් පරමේෂ්වරන්ට දැනුම්දීමක් කර තිබුණා එම ගම්මානයම මේ වන විට එල්.ටී.ටී.ඊ සංවිධානයට අවනතයි කියලා. ගමම ඉවර කරන්න කියලා තිබුණා. ඉන්දීය හමුදාව පැමිණ ගම්මානයට බෝම්බ දාන්නත් විනාශ කරන්නත් පටන් ගත්තා. ඔවුන් අහිංසක මිනිසුන්ට වෙඩි තියන්න පටන්ගත්තා. අපි හිටියේ මහපාර අසල නිවසක් පසුපසයි. එහිදි මම දුටුවා එක එල්ලයේ වෙඩි තබා කිතුනු දෙමව්පියන්ගේ අහිංසක දරුවන් තිදෙනෙකු මරා දමනවා. ඔවුන් කිසිම දේශපාලන ව්‍යාපාරයකට සම්බන්ධ අය නොවෙයි. ඉන්දීය හමුදාව මටත්, මගේ දියණියටත්, මගේ පවුලේ සමාජික සමාජිකාවන්ටත් තුවක්කුව දිගු කළා. අපි දණ ගැසුවා. මම අත්අදෙක ඔසවා මම “දේවගැතිවරයෙකු” බව පැවසුවා. මේ මගේ දායකයන් බව පැවසුවා. සොල්දාදුවා තුවක්කුව පහළ දැමුවා. මම දන්නේ නෑ ඔහුට අපිට වෙඩි තියන්න හේතුව කුමක්ද කියලා. ඔවුන් පිටත්ව ගියාට පසු අපි ළමුන් තිදෙනාගේ දේහයන් අපි රෝහල වෙත ගෙන ගියා. ඒත් ඒ වෙනකොට එයින් ප්‍රයෝජනයක් තිබුණේ නෑ. අපි ඔවුන්ව මිහිදන් කළා. වර්තමාන බිෂොප්තුමා එහි පැමිණ ඔවුන් වෙනුවෙන් යාච්ඥාවක් තබා අවසන් කටයුතු කළා.
එදින රාත්‍රිය මම දැඩි මානසික ආතතියකින් හිටියා. මම දෙවියන්ට යාච්ඥා කරමින් ඇහැව්වා ඇයි මාව බේරුවේ කියලා. මට දෙවියන්ගෙන් පිළිතුරු ලැබුණා දේවගැතිවරයෙකු ලෙස මිනිසුන් වෙනුවෙන් මම තවත් වේදනා විදින්න තියෙනවා කියලා. ඒ අදහසින් පසුව මගේ වේදනාව මඳක් සමනය වුණා.
දරුවන්ගේ පියා හිටියේ නෑ. මවට බේරීමට හැකිවුණා. පියා මඩකලපුවේ හිටියේ. මේ දෙමව්පියන් පසුව ඔස්ට්‍රේලියාවට පදිංචිය සදහා ගියා. මගේ ප්‍රධානියා කිව්වා සිදුවීම සම්බන්ධයෙන් පැමිණිල්ලක් කරන්න කියලා. ඔබ තමයි ඇසින් දුටු සාක්ෂිය කියලා මට කිව්වා. මම මගේ බිරිඳ සමග කතා කළා. ඇය මට කිව්වා ඔබ ඇත්ත කියන්න කියලා. මම සිදු වුණ දේ ලිව්වා. මම මගේ දේවගැතිවරයාගෙන් ඇහැව්වා මේ ලියන දෙයෙහි තේරුම මොකක්ද කියලා. ඔහු කිව්වා ඒක මගේ මානසික සහනය සඳහාත් ප්‍රයෝජනවත් වේවි කියලා. මෙම සිදුවීම ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් දක්වා ගියා. මානව හිමිකම් ක්‍රියාධර, වෘත්තීය සමිති නායක බාලා තම්පෝ මේ වෙනුවෙන් ඉදිරිපත් වුණා.
මෙම සිදුවීමෙන් දින 14කට පසුව මම වඩමරච්චි ඉදලා කව්චිවේලු දක්වා ගමන් කළා. මගේ නිවස කොල්ලකාල තිබුණා. ජනතාව මට කිව්වා ඔබ නිවසට යන්න පෙර එම ප්‍රදේශයේ හමුදා අණ දෙන නිලධාරියා හමුවෙන්න කියලා. මම ඒ අනුව ප්‍රදේශයේ අණ දෙන නිලධාරියා හමුවුණා. ඔහු මට දැනුම් දුන්නා නත්තල් දේව මෙහෙය ඇතුළු වැඩ කටයුතු කළ හැකි බව.
1989 අගෝස්තු මාසයේදී ඉන්දීය හමුදාවෙ පාලනයේ කොටසක් හැටියට, ප්‍රදේශයේ ප්‍රජා නායක නායිකාවන්ට සාකච්ඡාවක් සදහා පැමිණෙන ලෙස ඔවුන් ආරාධනා කළා. ප්‍රදේශයේ සාමය ඇති කරන්නේ කෙසේද කියා සාකච්ඡා කිරීම ඔවුන්ගේ බලාපොරොත්තු වුණා. මම එහිදී කතාවක් කළා. එයින් රටේ ඇති ප්‍රශ්නයට පිළිතුරුක් ලෙස සාමය ඇති කිරීමට උත්සාහ කළ යුතු බවත් මම මගේ කතාවේදී කිව්වා. විදුහල්පතිවරුන්, තැපැල් ස්ථානාධිපති වැනි අයත් කතා කළා. මෙම කතාව උදයන්, අයිලන්ඩ් පුවත්පත් වාර්තා කළා. ඔවුන් මගේ කතාව එල්.ටී.ටී.ඊ සංවිධානයට එරෙහිව පැවසූ දෙයක් ලෙස ඇඟවෙන පරිදි වාර්තා කර තිබුණා. මම එහෙම කිව්වේ නෑ. ඔවුන් මට දඬුවම් කරන්නට පැමිණියා. නමුත් එම නියෝගය ඉහළින් පැමිණ තිබුණේ නෑ. මගේ මිතුරා සහ සභා නායකයා වන ගරු හැරල්ඩ් ප්‍රනාන්දු දේවගැතිතුමා මට දැනුම් දුන්නා ටික කාලයකට කොළඹ නැවතී සිටින ලෙස. ඒ වගේම උදයන් පුවත්පතට තමන් කළ ප්‍රකාශය වැරදි ලෙස දක්වා ඇති බවට දැනුම් දෙන ලෙසටත් අවවාද කළා.
මාසයකට පසු මා නැවතත් සේවය සදහා ගියා. සමහර සභා නියෝජිතයින් අපගේ දේවගැතිවරයාට එල්.ටී.ටී.ඊ සංවිධානයෙන් දඩුවම් කරන්නේ මන්දැයි විමසා සිටියා. එවැනි දෙයක් තමන් නොදන්නා බව ඔවුන් පවසා තිබෙනවා.
ආරක්ෂක හමුදාවන් එල්.ටී.ටී.ඊ සමාජිකයන් හා සාමාන්‍ය වැසියන් අතර වෙනස හදුනාගන්න බැරිව හිටියා. එය විශාල ප්‍රශ්නයක්. ආරක්ෂාව පතා සියලුම වැසියන් දේවස්ථානයට එක් රොක් වෙනවා. ඔවුන් බය වෙලා හිටියෙ. සමහර මිනිසුන්ගේ ජීවිත බේරගන්න අපිට පුළුවන් වුණා. මිනිසුන්ට මේ විදියට ජීවත් වෙන්න අමාරු වුණා. ඔවුනෙ යම් සහතිකයක් බලාපොරොත්තු වුණා. පස්සේ ඔවුන් ලංකාවෙන් පිටත් වුණා. මගේ නිල සභාව වූ කට්ටවේලි සේවය අවසන් කරන්නට පුළුවන් වුණා.
අවුරුදු පහකට පස්සේ මම මන්නාරම මුරුන්ගන් ප්‍රදේශයට ගියා. ඒ කාලයේ ජනාධිපති ප්‍රේමදාස සහ එල්.ටී.ටි.ඊ. සංවිධානය අතර සාම සාකච්ඡාවන් ඇති වු කාලයයි. 1990 මාසය හයක කාලයක් පමණ එය තිබුණා. ආපහු යුද්ධය පටන් ගත්තා. මන්නාරමේ දී ප්‍රශ්න ගොඩක් තිබුණා. ප්‍රවාහන පහසුකම් කිසිවක් තිබුණේ නෑ. මම ඉරිදා දිනෙක දේව මෙහෙයන් සිදුකර අවසන් කර පැමිණියා. මගේ බිරිඳ මුරුන්ගන් මහා විද්‍යාලයේ සේවය කරමින් සිටියා. එම විදුහලේ විදුහල්පති සහ නියෝජ්‍ය විදුහල්පති වෙඩි තබා ඝාතනය කළා. මම පාපැදියේ නිවසට යන විට රෝමානු කතෝලික පියතුමා ඇතුළු පිරිසක් එහි සිටියා. ඔවුන්ට අදාල දේහයන් හමුදාවෙන් ලබාගැනීමට අවශ්‍ය වුණා. වෙලාව 05.30 පමණ ඇති. ඔවුන් කිව්වේ මේ සම්බන්ධයෙන් වූ මරණ පරීක්ෂණයන් මන්නාරමේ හමුදා කඳවුරේ පැවැත්විය යුතු බවයි. අපි මේ ගැන බිෂොප් සෞන්දර්නායගම් දැනුවත් කළා. එමගින් ඩෙන්සිල් කොබ්බෑකඩුවට දැනුම් දුන්නා. දේහයන් ඒ වනවිට ළිදක තිබුණේ. පවුලේ අයට ඔවුන් සත්‍ය වශයෙන්ම මිය ගොස් ඇතිදැයි දැනගැනිමට අවශ්‍ය වුණා.
2005 කාලය තුළ මා සිටියේ යාපනයේ ප්‍රදේශයේයි. 2010 මම කොළඹට මාරුවක් ලැබ පැමිණියා. මට කලින් විශ්‍රාම ගැනිමට මට අවශ්‍ය බව මම පැවසුවා. ඒත්, ජනතාව නගා සිටුවීමේ අරමුදල් සංවිධානය වන්නි ප්‍රද්ශයේ සේවය කිරීමට පුද්ගලයන් අවශ්‍ය බව පැවසුවා. මම තවත් අවුරුදු පහක් සේවය කළා. ඒ 9 මාර්ගය වැසුවා. ඒ කාලය තුළ මුහුදින් සහ ගුවන් යානා මගින් අපට ගමන් පහසුව සලසා ගැනිමට සිදුවුවා. පසුව එල්.ටී.ටී.ඊ සංවිධානය යුද්ධයෙන් පරාජය වූවා.
යාපනයේ අවුරුදු පහක් සේවය කිරීමෙන් පසුව මම විශ්‍රාම ගත්තා.