සුගත් අරුණශාන්ත මොනරාගල ඔබේගොඩ ගම්මානයේ පදිංචි අයෙකි. ඔහුගේ වැඩිමහල් සොහෝදරයා 1991 වසරේදී කොටි ත්රස්තවාදීන්ගේ ප්‍රහාරයකින් ඝාතනයට ලක් විය. 1991 වසර නියදැල්ල ගම්වාසීන්ට ඉතා කුරිරු සිදුවීම් ගණනාවකට මුහුණපෑමට වූ වසරක් විය.
එම වසරේ අප්‍රේල් 20 වන දින නියදැල්ල ගම්මානයෙහි ගම්වාසීන්ව කොටි ත්රස්තවාදීන් විසින් කපාකොටා ඉතා අමානුෂික අන්දමින් ඝාතනය කළ අතර ඔබේගොඩ ගම්මානයට යාබද ගම වූ නියදැල්ල ගම්මානයෙහි කුඹුරු වැඩ සඳහා ගොස් සිටි සුගත්ගේ වැඩිමහලු සොහොයුරා මෙම ජන සංහාරය පිළිබඳ කන වැකුනු විගස එය දැනුම් දීම සඳහා අත් ට්‍රැක්ටරයෙන් ඔබේගොඩ ගම්මානයට එන අතරමඟදී LTTE ත්රස්තවාදීන්ට හසු වී ඝාතනයට ලක් විය.
1991 වසරේ ඔහුගේ වැඩිමහලු සහොයුරාට අත් වූ ඛේදනීය ඉරණම සුගත් අරුණශාන්ත මෙසේ විස්තර කරනු ලබයි.