අනූෂා ගීතාංජලී, අම්බලන්තොට නගයෙහි විසූ, සහෝදරයින් තිදෙනෙකුගෙන් යුත් පවුලේ එකම ගැහැණු දරුවා විය. ඇය 1989 වසරේ භීෂණ යුගයේ අවුරුදු අටක කුඩා දැරියක් විය. අනූෂාගේ පියා ඍජුව ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධව සිටි අයෙකු වූ අතර ඒ හේතුව නිසා ම අනූෂාගේ පවුලේ සාමාජිකයින්ට නේක විඳ දුක් ගැහැට විදීමට සිදුවූ බව ඇය පවසයි. තම පියා ඝාතනය කිරීම සඳහා නිරන්තරයෙන් තම නිවසට එකල ඝාතන කණ්ඩායමක් ලෙස සිටි ‘කලු බලල්ලු’ නම් වූ කල්ලියේ සාමාජිකයින් පැමිණි බවත් ඔවුන් නිරන්තරයෙන් තම පියාව ඔවුන්ට ලබාදෙන ලෙසත්, එසේ ලබා නොදුන්නහොත් පවුලම විනාශ කරන බවට ද තර්ජනය කළ බව අනූෂා අදටත් භීතියෙන් යුක්තව පවසයි.
1989 වසරෙහි භීෂණය දකුණේ ජන ජීවිතයට කෙසේ බලපාන්නට ඇතැයි ද යන්න අනූෂාගේ කතාව ඔස්සේ අවබෝධ කරගත හැකිය.