මෙවර පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙහි උපාධි ප්‍රදානෝත්සවයේ දී පදක්කම් අටක් දිනා ගනිමින් පශු වෛද්‍ය පීඨයෙහි දීප්තිමත් ම ශිෂ්‍යයාව වූ උදේනි කුමුදුමාලි ලංකාවේ පැවති තිස් අවුරුදු යුද්ධයෙන් බැට කා, එයම පන්නරය කරගනිමින් සාර්ථකත්වයට පැමිණි දිරිය තරුණියකි.
1993 වසරේ සේරුනුවර මායිම් ගම්මානයක උපත ලබන කුමුදුමාලි මහවැලිය විද්‍යාලයෙන් තම මූලික අධ්‍යාපනය ලබා ගන්නා ලදී. පසුව ඇය සාමාන්‍ය පෙළ විභාගය උසස් ලෙස සමත් වී කන්තලේ අග්‍රබෝධි විද්‍යාලයට උසස් පෙළ සඳහා ඇතුළත් වන්නට විය.
2006 LTTE සංවිධානය විසින් මාවිල්ලාරු සොරොව්ව වසා දැමුනු අතර සේරුනුවර ජනයා දැඩි නියං තත්වයකට මෙම සිදුවීම ඔස්සේ මුහුණ දීමට සිදුවිය. නමුත් මාස කිහිපයකදී ලංකා හමුදාව විසින්මාවිල්ආරු සොරොව්ව වසා දැමීම හා එය නැවත විවෘත කිරීම යුද ඉතිහාසයේ සන්ධිස්ථානයකි. සටන් විරාමය නිම වී අවසන් යුද්ධය ආරම්භ වන්නේ එය සමගයි.
මෙම වසර සේරුනුවර ජනයාට ඉතා තීරණාත්මක කාලවකවානුවක් වූ අතර කුමුදුමාලී ඒ වන විට 8 ශ්‍රේණියෙහි ඉගෙනුම ලැබූ කුඩා දැරියක් විය. යුද්ධය නැවත ඇරඹීමත් සමඟ සේරුනුවර වැසියන්ට ඉතා උග්‍ර යුධ ගැටුම් වලට මැදිව ජීවත් වන්නට සිදුවිය. ක්‍රමයෙන් යුද ගැටුම් උග්‍ර වීමත් සමඟ කුමුදුමාලිලා ඇතුළු සේරුනුවර ගම්වැසියන් කන්තලේ ප්‍රදේශයට සංක්‍රමණය වීමට සිදුවිය.
ඔවුන්ට වසරක කාලයක් කන්තලේ ප්‍රදේශයෙහි සරණාගත කඳවුරක ජීවත් වීමට සිදුවූ අතර කුමුදුමාලි පවසන ආකාරයට වසරක කාලයක් යන තුරු ඇයට අධ්‍යාපනය ලැබීමට පාසලක් හෝ නොමැතුව සරණාගත කඳවුරෙහි දිවි ගෙවීමට සිදුවිය. ඇය වැඩිදුරත් පවසන පරිදි,
“ ජීවිතය ගැන කිසිදු බලාපොරොත්තුවක් නැතිව අවුරුද්දක කාලයක් කන්තලේ සරණාගත කඳවුරක , කඳවුරු කෑම කමින් ජීවත් වීමට සිදුවුණා. නමුත් කඳවුරු ජීවිතය ඇතුළත අසන්නට ලැබුනු අයින්ස්ටයින් යන වචනය මගේ ජීවිතයේ විද්‍යාඥයෙකු වීමේ සිහිනය ඉපැද්දුවා.”
මායිම් ගම්මානයක සිට ජීව විද්‍යා අංශයෙන් උසස් පෙල හදාරා , පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයට ඇතුළත් ව එහි දක්ෂතම ශිෂ්‍යාව බවට පත් වූ කුමුදුමාලි යුද්ධයේ අඳුරු සෙවනැලි විනවිදිමින් රිදී ආලෝක රේඛා මතුකරගත් විශිෂ්ට කතාවක් ලෝකයක් ඉදිරියේ ලියමින් සිටින්නීය…