මේ වවුනියාව වෙප්පන්කුලම් , කල්ලාරු ප්‍රදේශයේ පදිංචි සිවනයියා රාජා මහතාගේ ජීවිතය උඩු යටිකුරු කල ඉකුත් යුද්ධයේ අමිහිරිම මතකයි:
“මගේ නම සිවනයියා රාජා. මේ යුද්දෙන් මගේ ජිවිතේ වටිනාම දේ මට නැති වුනා. ඒ මගේ පුතා පුතාගේ නම රවිචන්ද්‍රන් මගේ පුතා මට නැති වෙන්නේ 2006 අවුරුද්දේ මගේ පුතා ඉස්කෝලේ ගිහිල්ල ඇවිල්ල පැය දෙකක් විතර ගෙදර ඉන්නකොට මෙතන කොටි ගහලා ගියා කියලා ගමේ කලබල ඇති වුණා. ඒ වෙලාවේ ගමට ආටි ගැහුවා. එතකොට මගේ ගේ කැඩුණා. මගේ ගේ ඉස්සරහටම තමයි ආටියක් වැටුනේ. පස්සේ වෙඩිත් තිබ්බා ඒ වෙඩිල්ලක් මගේ පුතාට වැදුණා. හරියටම නළලට තමයි වෙඩිල්ල වැදුනේ.
“ඒ වෙලාව වෙනකොට මගේ පුතාට හරියටම වයස අවුරුදු 16යි. එතන හමුදාව පොලිසිය ඔක්කම හිටියා. නමුත් කවුද වෙඩි තිබ්බේ කියලා හරියට කියන්න බෑ. නමුත් මේ යුද්දේ නිසා මගේ පුතා මට නැති වුනා. ඒ ගැටුම ඇති වෙනකොට ගෙදර හිටියේ මමයි මගේ නැතිවුන පුතයි, නෝනයි, දුවලා දෙන්නයි. මගේ ගේ ඉස්සරහ ආටිය වැටිලා පුපුරාලා ගියා. ඒ වෙලාවේ තමයි පුතාට වෙඩිල්ල වැදුනේ. අපි ඒ වෙලාවේ එතනින් දුවලා ගියා.
“පස්සේ අපි ආපහු ඇවිල්ලා බැලුවා. ඊට පස්සේ පුතා උස්සගෙන අපි ඉස්පිරිතාලෙට අරන් ගියා. ඒ යනකොටත් පුතා මැරිලා. ඊටපස්සේ එහෙ ඉදල වුනියාවට අරන් ගිහින් උසාවි අරන් ගිහින් පස්සේ මිනිය අපිට දුන්නා. මගේ පුතා මැරෙනකොට එයා ඉස්කෝලේ ගියේ සෙට්ටිකුලම් ඉස්කෝලෙට. මගේ මේ ගෙදර උළු තිබුණා. පස්සේ ආටි වැටිලා මුළු ගේම විනාශ වුනාට පස්සේ තමයි මේ ටකරම් කැලිවලින් ගේ වහගත්තේ.
“මුළු යුද්දේ කාලෙම වගේ අපි මෙහෙ හිටියා. 1990 අපි මඩු පල්ලි ගිහින් හිටියා ඊට පස්සේ එහෙ අවුරුදු හතරක් විතර ඉදලා ආපහු මෙහෙ ආවා.”
ඡායාරූප: මියගිය රවිචන්ද්‍රන්, සිවනයියා ආටි ප්‍රහාරයට ලක්වූ නිවස අසල දැන්